Sri Lanka Flag

mmm

Monday 10 September 2012

2012 පැමිණෙන නව නිතිය




2012 පැමිණෙන emersione di lavoro irregolare සම්බන්දව කෙටි හැදින්වීමක්

අයදුම් කර හැකි වනිනේ කාටද ?
මෙම නිතිය සදහා අයදුම් කල හැකිවන්නේ ඉතාලි ජාතිකයෙකු හෝ කර්තා දි සොජ්ජෝර්නෝ හිමි පිට ජාතිකයින්ට පමණි.


සුදුසුකම්
1. මෙම නිතිය නීති ගතවන මොහොතේ සේවා යෝජකයා යටතේ සේවකයා අවම වශයෙන් මාස 3 ක කාලයක් වත් වැඩ කල තිබිය යුතුවේ.

2. ඉතාලියේ නීති විරෝදිව සිටින පුද්ගලයන්ට මෙම නිතිය මාර්ගයෙන් පෙර්මෙස්සෝ දී සොජ්ජෝර්නො නොහොත් රටේ රැදී සිටිමට අවශ්‍ය බලපත්ත්‍රයකට හිමිකම් කිමටනම් ඉතාලියට පැමිණුනේ අවම වශේන්වත් 2011 දෙසැම්බර් 31 වන දිනට බව රජයෙ ආයතනයක් මගින් නිකුත් කල ලිපි ලේකනයකින් ඔප්පු කල යුතුවේ.

සේවායෝජකයා සහා සේවකයා අතර ගිවිසුම
1. ගෘහ සේවය සහ උපස්තාන සේවය කරන සේවකයින්ට අවම වශයෙන් සතියට පැය 20 ක සේවකලයක් තිබිය යුතුවේ.
2. අනෙකුත් සියලු ගිවිසුම් පුර්ණ කාලීන (fulltime) විය යුතුය උදාහරණයක් වශයෙන් ඕනෑම ආයතනයක සේවය කරන්නන්.

මෙයට අයදුම් කිරීමට නොසුදුසුකම් කවරෙක්ද ?
සේවායෝජකයා පසුගිය වසර පහ ඇතුලත උසාවි තීරණ මගින් පහත සදහන් කරුණුවලට වරද කරුවෙකු වීම:
1. අනවසරයෙන් ඉතාලියෙ සිටින පුද්ගලයෙකුට රැකියා ලබාදීම, එම පුද්ග්ලයන් උපයෝජනය කිරීම, ගණිකා වුර්තියේ යෙදවීම, බාල ළමුන් සේවයේ යෙදවීම, අනවසරයෙන් ඉතාලියට පුද්ගලයින් ගෙන්වීම.

2. මිට අමතරව, පෙර පැවති වෙනත් නීති යටතේ (decreto Flussi/ 2009 sanatoria) අයදුම් කර පසු Sportello Unico per L’immigrazione ස්ථානයෙන් contratto di soggiorno අත්සන් කිරීමට කැදවනවිට එහී පෙනී නොසිටීම, හෝ එයින් පසු කෝන්ත්‍රත්තුව නිකුත් නොකළ පුත්ගලින් හෝ ආයතන .

3 මිට පෙර ඉතාලියේ හෝ වෙනත් ෂෙන්ගන් රාජ්‍යයකින්, එම රටේ රැදී සිටීම, රටට තර්ජනයක් කියා මුල්කොට ගෙන රටින් පිටවන ලෙස නියෝග ලද පුද්ගලයින්.

4. අධිකරණයකින් අපරාද නඩු නිදාන සංග්‍රහයේ 380 වන වගන්තිය යටතේ අදිකරණයකින් වරදකරුවෙක් වීම, මෙය අවසාන තීරණය නුවුනත් බලපානවා.

5. ඉතාලියේ අනවසරයෙන් සිටීම පමණක් හේතු කොට ගෙන රටින් පිටවීමට දෙන නියෝග මෙම නීතියට අයදුම් කිරීමට බදකයක් නොවේ, නමුත් එවැනි නියෝගයක් ෂෙන්ගන් රටකින් නිකුත් කල තිබෙනම් මෙම නිතිය යටතේ එය බදකයක් ලෙස හැදින්වේ.

නමුත් 2009 regolarizzazione දී, එවැනි බාදක එම ෂෙන්ගන් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඉවත් කරගැනීමට අවස්ථාවක් තිබුනේය, මෙම අවුරුද්දේත් අයදුම් කරන්නාගේ ඉල්ලීම පරීදී එම ෂෙන්ගන් රටවල් රටින් පිටවන නියෝග ඉවත් කලොත්, ඉතාලි රාජ්‍යය එය බදකයන් නොමැති බවට පිළිගැනේ.

ගාස්තුව
මෙම නීතියට අයදුම් කරන සෑම සේවායෝජකයෙක්ම එක සේවකයෙකුට යුරෝ 1000 ක මුදලක් ආණ්ඩුවට ගෙවිය යුතු වේ. ඊට අමතරව contratto di soggiorno යන ගිවිසුම අත්සන් කරන මොහොතේ එම සේවායෝජකයා අවම පසුගිය මස 6 යක කාලයක් තුල සේවකයා වෙනුවෙන් දුන් වැටුප් වාර්තා සහ සේවක අර්ථ සාදක අරමුදල සදහා දායක මුදල් ගෙවූ රිසිට් පත් ඉදිරිපත් කලයුතු වේ.

මෙම නීති සංග්‍රහයට අයදුම් කලයුතු ආකාරය කෙටි කාලයක් තුල ඉතාලි රාජ්‍ය මගින් පැහැදිලි කරනු ලැබේ.

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank