Pages

Thursday, 22 November 2012

මියගිය හඩ යළි උපදී...Watch Now..with Mp3 Download...!



සුභ සන්ධ්‍යාවක් හැමෝටම...!ඔබට මතක ඇති මීට මස ගණනාවකට ප්‍රථම යු නලයේ[Y-tube] වීඩියෝවක් තිබුනා  මෝටර් බයිසිකල් අනතුරක් ගැන,[තවමත් එය ඔබ නරබා නැත්නම් මෙතනින් ඇතුළුවන්න]එහි පසුබිම් සංගීතයට යොදා තිබුණේ එම අන්තුරින්ම මිය ගිය බව පැවසුන තරුණයා ගයනා කළ බව ප්‍රකාශ වූ නොනවතින ආකාරයෙන් ගයනා කළ ලස්සන ගීත සමුහයක්.එම අනතුර දැකීමත් එම ගායනය ඇසීමත් නිසා බොහෝ දෙනෙක් කණගාටුවට පත් වුයේ මෙවන් දක්ෂතා ඇති අයෙක් හදිසි අනතුරකින් අකාලයේ මිය යාම සම්බන්ධවය.ඔහු නමින් තිළිණ තුලාජ් නම් විය.නමුත් අද වන විට මෙම පුවතේ තිබු සත්‍ය වෙනස් වෙමින් පවතී,එයට හේතුව නම් සත්‍ය ලෙසම වීඩියෝවේ පෙනෙන තරුණයා මෙලොව අතහැර ගියත් එහි ඇසෙන කටහඩ තවමත් මියගොස් නැති බව හෙළිවීම නිසාය.
දැන් ඔබ හිතනවා ඇති මේ මොකද්ද කියන කතාව කියලා,මෙන්න මේකයි කථාව-මේ සිදු වෙච්ච අනතුර කවුරු හෝ වීඩියෝ කරලා එය අන්තර්ජාලයට එක් කිරීමේදී හඩ පටයක් ද එයට සම්බන්ධ කිරීමක් සිදුකොට ඇත.නමුත් ඒ හඩ වෙනයම් කෙනෙකුගේ..ඔහු නමින් ජනක ක්‍රිෂාන්ත.ඔහු මෑතකදී වැඩසටහනකට සහභාගී වීමත් සමගම මෙම පුවත් ලෝකයට හෙළිවිය.ඔහුගේ ලයාන්විත කටහඩ  ඇසීමට පහත වීඩියෝව හා එක්වන්න.ඒ වගේම මේ සියලු කරුණු අන්තර්ජාලයේ සැරිසැරීමෙන් සොයාගත් දෑ වන අතර වගකීමක් බාරගත නොහැක.අනතුරින් මිය ගිය තිලිණට නිවන් සුව..! පැතීමට මෙය අවස්ථාවක් කරගන්නෙමි.මන්ද කටහඩට පණදුන් තරුණයා ඔබ අප හදුනාගන්නේ ඔහු නිසා වන බැවිනි.''ලෝකයේ යම් දෙයක් නැති වීම හෝ ඇති වීම තව කෙනෙකුට වාසනාව හෝ අවාසනාව ගෙන දෙන්නකි'',මෙයින් මට පැහැදිලි වුයේ නම් එයයි.ඒ වගේම ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl



ITN-වෙනස


Nonstop With Jana..



ජනාගේ සියලුම වීඩියෝ නැරබීම සදහා පිවිසෙන්න මෙතනට



Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...