Sri Lanka Flag

mmm

Saturday 9 February 2013

මුස්ලිම් විරෝධය ගීතයටත් බලපාවිද?

අප රටේ ජනවාර්ගික ප්‍රශ්න පැන නැගුනේ අද ඊයෙක නොවේ.සුද්දාගෙන් රට නිදහස් වී අනාගත ගමන නිදහසේ යන්නට අප රටට හැකි වුණේ බොහොම ටික කාලයකි.එකල පැවති දේශපාලන කණ්ඩායම් බිදී ගියේය.එහෙයින් රටේ ජනතාවද බෙදී විසිරුනේය.ඔය අතරේදී රටට අපුරු නීතියක් ආවේය.එනම් වාහනවල [ශ්‍රී] අකුර සදහාය.මෙයට දෙමළ අය විරුද්ධ විය.උතුරට ගිය [ශ්‍රී] අකුර සහිත වාහනවල දෙමළ අය තාර ගෑවේය.එහෙන්[ -] සහිතව ආ වාහනවලට සිංහල අය අලාභානි කළේය.ඔන්න ඔය විදියට රටේ වෙසෙන ජාතින් ප්‍රශ්ණ ඇති කරගනිමින් අවුරුදු 30 ටත් වඩා කාලයක් ආදී ගිය යුද්ධයකට මුළු රටම ඇද දැම්මේය.නමුත් බොහෝ ජිවිත බිලි ගනිමින් එම යුද්ධය අද නිමාවක් දැක ඇත.එත් එය එසේ වේද?අප අපෙන්ම ඇසිය යුත්තේ එයයි.මන්ද අද වනවිට විශාල මුස්ලිම් විරොදයක් රටේ උද්ගතව ඇති හෙයිනි.මෙය 100% හොදයි හෝ නරකයි හෝ කිව නොහැක.
ඒ හොද හෝ නරකට යන පද දෙකම අර්ථ ගන්වමින් මේ සදහා කරුණු ඕනෑ තරම් කතා කළ හැකි නිසාවෙනි.රටක වෙසෙන හැම ජාතියකම හොද නරක දෙවර්ගයම සිටිති.රටකට අයහපතක් වේ නම් සිදුවන්නේ නරක පැත්තට බර වූ අයගෙනි.අප රට බහුතර සිංහලයන් වෙසෙන රාජ්‍යකි.මුස්ලිම් ජනයා සිටින්නේ 3 වෙනියටය.ඕනෑම ජාතියක මිනිසෙක් කැමති වන්නේ පොදුවේ ගත්කළ තම ජාතිය රටේ ප්‍රධාන ජාතිය වීම දැකීමය.එය කවුරු වූනත් පිළිගත යුතුය.එත් සිංහලයාගේද මුස්ලිම්වරුන්ගේද එක කොටසක් තම ජාතියට ලදී නමුත් ආර්ථික ප්‍රශ්ණ මත හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පාඩුවේ සිටිමට ඇති කැමැත්ත නිසා හෝ මෙවන් වාර්ගික ප්‍රශ්ණ වලට මැදිහත් වීම හෝ මැදිහත් නොවීම සිදු කරයි.අද සිංහලයා හලාල් එපා කියති.එය හරි දෙයක් වීමට පුළුවන,එය අත්‍යවශ්‍ය සලකුණක් නොවන නිසාවෙනුත් තව හේතුත් ඇති නිසාවෙන්.එත් රටේ යුද්ධය පැවති සමයේ මුස්ලිම් ඔත්තුකරුවන් සහ හමුදාවට සම්බන්ධ මුස්ලිම්වරු යුද්ධයේ නිමාව වෙනුවෙන් අපිරිමිත සහයක් ලබා දුන්නේය.කොටි පිස්තෝල කල්ලියෙන් මරණයට පත්කළ ලුතිනන් කර්නල් මුතාලිෆ් එවැන්නෙකි.

එවිට මුස්ලිම්වරු හවුල් වීම ගැන අද කතාකරන අය මුකුත් නොකීවේය.අද මෙන් පෙළපාලි නොගියේය.දෙමළ අයද LTTE පරාජය කිරීමට ඔත්තු බැලුවේය,වක්‍රව සටන් කළේය.එයින්ම පෙනීයන්නේ තවත් ජාතියක් නැසීමට එක ජාතියක සියල්ලෝම එක පැත්තකට එකතු නොවන බවය.අප අද උඩ පැන්නට බොහෝ පාවාදීම් සිදු කලේ සිංහලයාමය.එය පෘතුගීසි ලංකාවට පැමිණීම දක්වාම දිව යන්නෙකි.රජ කාලයේදී ද එසේය.පහුගිය වසර 30 යුද්දෙදි ද එය එසේම විය.
මා මෙලෙසින් කියන්නට තැනුවේ කුමක්ද?සංගීතයටද මෙය බලපාවිද කියාය.අතීතයේ බෞද්ධ ගීත බොහොමයක් ගැයුනේ කා අතින්ද?දන්සැලක,බෞද්ධ උත්සවයක වැඩියෙන්ම අසුනේ කාගේ ගීතද?අදටත් එය එසේමය.ප්‍රසංග වේදිකාවට නැතිව බැරි විය.අද ඔහු මියගොස් ඇතත් ඔහුගේ පුතණුවන් සංගීත ප්‍රසංග වලට සහභාගී කරවන්නේය,ඔවුන් මුස්ලිම් වුවා කියා ඔවුන් ගැයූ ගීත සිංහල ජනයා ප්‍රතිෂේප නොකළේය.ඔවුන් ට ලැබුණු ගීත සිංහල ඒවා කියා ගායනා නොකර සිටියේද නැත.මෙසේ මා සදහන්කලේ අල්හාජ් මොහිදීන් බෙග් සහ ඉෂාග් බෙග් යන කලාකරුවන්ය.මොවුන්ගේ ගායනය අද මෙන්ම හෙටටත් වලංගුය.එයට ජාතියේ ප්‍රශ්නයක් නැත.එම නිසා එක මකුනෙක් කෑ පළියට සියල්ලම මැරිය යුත්තේ නැත.මේ නිසා ඔබ මෙය තේරුම් ගන්න,අද සිංහල ජනතාව එපා කියන්නේ හලාල් ය.පන්සල අසල ඉදිවන මුස්ලිම් පල්ලිය,නැතිව සමස්ත මුස්ලිම් ප්‍රජාවම නොවේ.මන්ද හැමෝටම සිංහලය පෑගීමට හෝ මුස්ලිම්වරයා පෑගීමට හෝ අවශ්‍ය නොවන නිසාය.

මෙම ලිපිය තවත් දිගින් දිගට ලිවිය හැකි නමුත් එසේ නොකරමි.සාදාරණ අසාදාරණතාව මැනීම ඔබට බාරය.
\
http://blogawards.radiokalutara.com/
Enhanced by Zemanta

5 comments:

  1. c- ekak denna puluwan.. nawatha uthsaha karanna

    ReplyDelete
  2. obe adahasa hariayatama hari wade kiyanne oya madduma bandara kumaraya wage inna un e kumarayatath apahasa karana ekai mokada oya ke gahana un tama rate loku lea wagirimak awama issellama netta pukeke gahan hangena un .ape dewala api raka ganna one lea wagirimakin torawai .rate ltte udde iwaraine eka nisa den godaaak sinhalayanta e kale amathai den eka nisa jana wargika gatumak ati kara gannakan iwasillak netiwa inne.

    ReplyDelete
  3. .rate ltte udde iwaraine eka nisa den godaaak sinhalayanta e kale amathai den eka nisa jana wargika gatumak ati kara gannakan iwasillak netiwa inne.
    If you want to download free ringtone for mobi, visit here:
    http://bestringtones.mobi/iphone-ringtones/,
    http://bestringtones.mobi/bollywood-ringtones/,

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank