Sri Lanka Flag

mmm

Monday 10 December 2012

ලොවට කියන ගීතයේ සත්‍ය..-සිතන්නට යමක්

සියළු දෙනාම..හොදින් ඇතැයි සිතමි.ඔබලාට මෙන් ම මට ද කාලයෙන් කාලයට නොයෙක් ආරයේ ගීත රස විදින්නට ලැබෙනවා.ඒවායින් සමහරක් අප සිත වැලද ගන්නවා සිදු වූ යම් යම් හේතුසාධක මත.එත් සමහරක් ගීත  කාලයත් එක්කම අමතක වී යනවා.එත් සමහර ගීත මට හිතෙන විදියට කවදාටත් ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී කාලයත් එක්ක එම ගීතවල අර්ථයේ නිර්වද්‍ය බව හගවමින් අප හා ගමන් කරන අතරම ඒවා අප මුවින් ද මිමිනෙන තත්වයට පත්වෙනවා.දැන් ඔබටද මතක් විය හැක එවැනි ගීතයක්,එසේ වුවා නම් මගේ මේ ප්‍රයත්නය සාර්ථකවනු ඇත.
අද මම ඔබලාට ගෙන එන්න යන දේ ඔබට සිතා ගන්න බැරි වුවත් මෙම ලිපිය සම්පුර්ණයෙන් කිය වූ පසු ඇත්තටම අද මේ දේවල් නේ සිදුවන්නේ කියලවත් සිතේවි.මෙය ලිවීමෙන් මා බලාපොරොත්තු වන්නේද එයයි.එනම් ඔබට නැවත නැවතත් සිතීමට යමක් දීමයි.
අප මේ වෙසෙන මන්දාකිණිය,එය ඇතුලේ තිබෙන ග්‍රහාලෝක හිරු බිහි වීම සම්බන්ධව නොයෙක් මත පලව ඇත්තා සේම අප පෘතුවියේ මනුස්ස ජිවිය ඇතුළු සියළුම ජීවින් බිහීවීම සම්බන්දව නොයෙක් මත පලවීම හා සාධක ඇත.එත් ඒ ගැන වැඩි දුරක් සදහන් කිරීමට මා විද්‍යාඥයකු ද නොවන්නේය. නමුදු මා හට හැගෙන පරිද්දෙන් කෙසේ හෝ බිහී වූ මා ඇතුළු මිනිස් වර්ගයාගේ ආගමනය සහ අනාගත පසුබිම පිළිබද කිව යුතු යැයි සිතේ.මෙය බොහෝ කලකට පෙර සිටම සිතට නැගුන දෙයක් වන අතර ඉහත මුලින් සදහන් වුව සේ ගීත 02 ආශ්‍රයෙන් පැහැදිලි කිරීමට සිතුවෙමි.
මිනිසාගේ වර්ධනය ගල් යුගයේ සිට යුග 3 පසුකරමින් වර්තමානයට පැමිණි රටාව ඔබ කවුරුත් හොදින් දන්නා දෙයකි.එත් එහි ඇතුලාන්ත ගමන කෙබදුද?මුල්ම කාලයේ මිනිසුන් ආහාරවල රස නොදැන සිටියේය,වාසයට ස්ථිර නවාතැනක් හෝ නිවසක් අවශ්‍ය බව නොසිතුහ.තම විලි වසානොගැනීම ලජ්ජාවට කරුණක් යැයි නොසිතුහ.නමුත් මිනිසාගේ වර්ධනයත් සමග එම සියළු කරුණු කරනා දැනෙන්නට විය.ඒ ඔස්සේ සිදු වුයේ කුමක්ද?මිනිසා තම අවශ්‍යතා හා වුවමනා පසුපස යාමෙන් වඩාත් තරගකාරී ලෝකයක් බිහී වීමය.ඒ හරහා කාර්මික විප්ලව ඇතිවෙමින් නව සොයා ගැනීම් බිහී වෙමින් මිනිසා යහපත් හා අයහපත් තත්වයනට යොමු කිරීමය.මා මෙතැනදී යහපත පිලිබදව කථා නොකරමි,මන් ද යහපත් යන වචනයේ අර්ථයෙන්ම එය පැහැදිලි වන බැවිනි.
අයහපත එලිසින් නොවන අතරම එක් සටහනකින් සමාප්ත කල නොහැකි තරම්ය.අද මිනිස් කොට්ටාශයෙන් වැඩි පිරිස මෙම අයහපත් කොටසට ඇතුළු වී හමාරය.එක් මිනිසෙකුගේ අබිප්‍රාය වෙනුවෙන් මිනිස් සංහාරයක් හෝ ස්භාවික සම්පත් සංහාරයක් කිරීමට තරම් පෙළබෙති.අප රටේ සිටි ප්‍රභාකරන් එවැන්නෙකි,හිට්ලර් එවැන්නෙකි.ඒ වගේම රටක අවශ්‍යතාවක් වෙනුවෙන් තව රටක් පිඩනයට ලක් කිරීම කරති.එයින් තැලෙන්නේ ද මිනිසාමය.අද සංවර්ධිත සංවර්ධනය වෙමින් පවතින ලෙස ලේබල් වැදී ඇත්තේද ප්‍රබලයා හෙවත් කපටියාගේ[හැම ප්‍රබලයෙක්ම මෙලෙස නොවේ]අවශ්‍යතාව මතය.මෙයින් තැලෙන්නේ පොඩිවෙන්නේ මිනිසාමය.මේ ප්‍රබලයා හෙවත් කපටියාගේ හේතුවෙන් මතු දිනක චිත්‍රපටවල මෙන් අහිංසකයා සහ අවංකයා ඉතුරු වී ප්‍රබලයා හෙවත් කපටියා ඉතිරි වනු ඇත.
අද ලෝකයේ ජනයා යම් යම් හේතු වලට බිය වී සිටිති.ලෝකය එක දිගට කළුවර වනු ඇතැයි සමහරු කියති,වෙනයම් ග්‍රහ වස්තුවක් වැදීමෙන් ලෝකය විනාශ වේ යැයි තවත් සමහරෙක් කියති.නමුත් මා දකින දෙයනම්,මිනිසාගේ දියුණුව මිනිසාගේ විනාශය බවයි.මන්ද අද බිහී වෙන බොහෝ කෘතීම භාන්ඩ ස්භාව ධර්මය විනාශ කිරීමෙන් බිහී වීම නිසාය.අද භූ චාලන,ගංවතුර,සුනාමි,ලැව්ගිනි ඇති වන්නේ නිකම්මද?නැහැ මිනිසාගේ නුවණේ උපරිමය ඉක්මවා යාමෙනි.
අද මිනිසාගේ තිබු සුවද පහව ගොස්ය.ඒ වෙනුවට ගඳ පැතිර ගොස්ය.එකෙකුට එකෙක් නැති සමාජයක් බිහි වී හමාරය.තම අරමුණ වෙනුවෙන් මිනීමැරීම්,වංචා කිරීම්,කොල්ලකෑම්,ස්ත්‍රී හිංසන ආදී බහුල සමාජයක් මිනිසා බිහිකොට හමාරය.නමුදු එමපව් සෝදාගැනීමට ආගමදහම ඉදිරියේ පෙනී සිටීමට තරම් මිනිසාගේ මුල් යුගයේ මෙන් ලැජ්ජාව දැනෙන්නේ නැත.ඒ වගේ ම පව් කළා කියා අතීතය වූවායයි සදහන් පොලව පලාගෙන අපාගත වෙන්නේද?නැත.ඔවුන් තවතවත් වැජබෙති.[මේ ප්‍රබලයා හෙවත් කපටියා විය හැක]
තව ලියා තබන්නට බොහෝ දේ ඇතත් ඔබ මේවා කල්පනා කොට බලන්න,හැම විටම හැකි පමණින් අවංක වෙන්න,සොබාදහමට ගරු කරන්න,තම ආගම දහම හිතේ රඳවා ගන්න,අන් අය අපහසුතාවට පත් නොකරන්න,එවිට ලෝක විනාස වෙන්නේ ද නැත.ඔබට ඔබ මෙන්ම ලෝකයද  අහිමි වන්නේද නැත.සෑම කෙනාටම හොද සමාජයක් බිහි වීම ඔස්සේ අප ජිවිත පරාදිසයකට රැගෙන යනු ඇත.

මම සංගීත රසකාමියෙක්,ඔබත් එසේ යයි සිතමි.ගීතයෙන් කිවහැකි දේ බොහෝය.අද දින වෙනස්ම ලෙසින් ගෙන ආවේ අන්න ඒ දෙයයි.පහත පෙළගස්වා ඇති සුනිල් එදිරිසිංහ මහාතාගේ සහ එඩ්වඩ් ජයකොඩි මහාතාගේ ගීතවල පදපෙලි කියවීමෙන්ද ඇසිමෙන්ද මා ඉහත ලිවුවා වූ වචන හිස් නොවන සතයක් බව හැගේවි.

මිනිසා... සුවදයි මල සේ...
නුවණින්... එලියයි හිරුසේ...
පරවි... වැටිලා...
ඒ... හිරු මල මේ දෙරණේ...

පොලොවේ... උරුමේ... කියමින්...
බිලිදි... විලිකුන් ගුණදම්...
දැසින්... මියෙන... සටනින්...
අන්ගලේ... හිමිකම් සොයමින්...
ලොව... නහව සෝ කදුලෙන්...
සෙනෙහෙ ජය පැන් පුරමින්...

මිනිසා... සුවදයි මල සේ...
නුවණින්... එලියයි හිරුසේ...

උනු ලේ... විශ වි... සිරුරේ...
ඉසුරන්... ගැටෙනා අතරේ...
ගිණිමල්... පිපිලා... අහසේ...
ඇවිලේ... ගිනිදැල් සයුරේ...
සා පවසින් ඉකිබිදිනා... 
සුසුමෙන් යදියන් හෙලනා...

මිනිසා... සුවදයි මල සේ...






මෙය කියවමින් නරබන අතරේ ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl


Enhanced by Zemanta

0 comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...

Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank