Pages

Saturday, 1 December 2012

All Right Band-පැදුරු සාජ්ජේ..හිනා යනවා..!

කොහොම ද යාලුවේ..!ඔන්‍න‍ අදත් ගෙනාවා,All Rightලගේ අමුතු පහේ වැඩක්..මෙම සංගීත කණ්ඩායම මෑත යුගයේ  ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ නව පෙරලියක් කරමින් ඉදිරියට පැමිණි කණ්ඩායමකි.මොවුන් ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමේ උප කණ්ඩායම ලෙස ද හදුන්වනවා.නමුත් ආරම්බයේදී සිටි සාමාජිකයන් අද මෙහි දක්නට නැතත් නව කණ්ඩායමද ඊට දෙවැනි නොවන බවයි මගේ හැගීම.මන්ද සජීවී ප්‍රසංග වලදී නව අංග මුසු කරමින් හා නව තාල රටා හදුන්වා දෙමින් ගීත ගයනා කිරීම සහ වාදනය කිරීම නිසාවෙනි.
අද මේ ගෙන එන නොනවතින ගීත පෙළද ඉහත සදහන් වුවා සේම ප්‍රසාංගික බවට මුල්තැන දෙමින් ඉදිරිපත් කිරීමකි.මා විසින් ඉදිරිපත් කරන වීඩියෝව කෙසේ වුවත් මෙහි තව වීඩියෝ එකක් තිබෙනවා,ඔබ එය නරබුවා නම් සිතන්නේ මේ ඉන්නේ ඕල් රයිට් කණ්ඩායමේ ම ගායක ශිල්පීන්ද එහෙමත් නැත්තම් ප්‍රසංගය කඩාකප්පල් කිරීමට පැමිණි බිමත් පිරිසක් ද කියලයි.එතරම් ම හදුනා ගැනීමට අපහසු වනු ඇත.මා හට එම වීඩියෝවේ ලින්ක් එක සොයා ගන්න බැරි වුනා,මන් ද එය අහම්බෙන් දැක්කේ FB එකේම කොහේ හරි,එහි එය පැදුරු සාජ්ජයක්‌ ලෙසිනුයි රග දැක්වෙන්නේ,ඒත් එය සොයාගත් සැනින් ඔබට ලබා දෙනවා.එහෙනම් නරබන්නට හා කැමතිනම් පස්සේ අහන්න බාගෙන තියාගන්න ඇරයුම් කරනවා.

මෙය නරබන අතරේ ඔබේ වටිනා අදහස දැක්වීමට කාරුණික වන්න.නැත හොත් මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...!
නවතම වෙබ් පිවිසුම එක් වන්න මෙතනින් නවතම ගීත සමගින්..SLMR රේඩියෝව සමග.. FB Link-https://www.facebook.com/SriLankanRedio?ref=hl





No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...