Pages

Tuesday, 6 November 2012

Hanthana Linux To Your Pc

   සුභ උදෑසනක් ශ්‍රී ලාංකීය මිතුරමිතුරියන්ට...!Good Morning My Friends..!ඔබ දැනටමත් දන්නවා ජනේල 8 හෙවත් windows 8ගැන,මාත් එක ගැන විස්තරයක් දැම්මා,බලපු නැති අයට මෙතනින් පුළුවන් එක බලන්න.ඒක මුළු ලෝකයේම ජනප්‍රිය වෙච්ච මෙහෙයුම් පද්දතියක්.වැඩි දෙනෙක්ගේ ට්‍රායි ඒක තමන්ගේ  පරිගණකයට මෙම මෙහෙයුම් පද්දතිය දාගන්න,හැබැයි මමනම් තාම දැම්මේ නැහැ.ඕක ආසාවට දැම්ම වගේ නෙවෙයි,ආයේ මට අවශ්‍ය සොෆ්ට්වෙර් දන්නා ගියාම එපා වෙන නිසා.වෙන හේතුවකට නෙවෙයි,මෙහෙම කිව්ව කියල ඕගොල්ලෝ නොදා ඉන්න එපා හරිද?ආ...කියන්න හේදුවේ මේ ගන නෙවෙයි,මාතෘකාවෙන් පිට යන්න ගියේ.හරි මෙන්න මේකයි වැඩේ...
ඔයාල අහලා තියෙනවද ?Hanthana Linux ගැන,සමහරු මේ ගැන දෙනාටමත් දන්නවා,මොකද මෙය බිහි වුයේ මීට වසර 3 පමණ පෙර වීම.ඒත් නොදන්නා අය කල්පනා කරනවා ඇති මේ මොකද්ද කියල නේද?හැබැයි හන්තාන කන්ද ගැන නෙවෙයි,මේ තමයි ප්‍රථම වරට ලංකාවෙන් බිහි වූ පරිගණක මෙහෙයුම් පද්දතිය.මෙය හදුන්වා දී ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් 2009 අග භාගයේදීය.ඒත් අද වන විට මෙය වැඩිදියුණු කොට  එළිදක්වා ඇත.හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) පාදක කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.මේ පිළිබද සියලුම විස්තර මෙතනින් ලබාගන්න.


 



Hanthana Linux Installation English





Hanthana Linux Installation Sinhala




  මමත් මේවා හොයාගෙන තනියෙන් බුක්ක්ති විදින්න කැමති නැහැ,අන්න ඒ නිසා මේ විදියට බ්ලොග් එකක් හරහා ඔයාලටත් ලබා දෙන්නේ...ඒ නිසා මේ පිළිබද අදහස් දැක්වීමක් කරන්න,කොමෙන්ට්ස් දාන්න කම්මලිනම් අඩුම තරමින්  මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට Like ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...! 
Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...