Pages

Friday, 2 November 2012

මේ ගැනත් සිතමු...!

  අප අද මෙලෙසින ජීවත් වන්නේ මොවුන් නිසාය,තැන තැන පිපිරුණු බෝම්බ නැත.මවුවරුන්ගේ,පියවරුන්ගේ,දරුවන්ගේ ඉකිබිදුම් හඩ නැත,සැමදෙනාටම සෑමතැනකම සැරිසැරීමට හැකියාව ඇත්තේය,නමුදු එක් කළ පරාසයක මෙසේද ඩ සිදුවිය.ඒ යුද්ධයේ අවසන් සමයයි. හාත්පසින් නොනවත්වා ඇසුනේ වෙඩි ශබ්ද වූ අතර අතරින් පතර ඇසෙන කාලතුවක්කු වල ශබ්දයෙන් ප්‍රදේශයම දෙදරා ගියා. ත්‍රස්තවාදීන් සමග පෙරදින රැයේ පැවති සටනේදී සෙබලුන් විශාල ප්‍රමානයක් මිය ගිය අතර තවත් බොහෝ ප්‍රමානයක් තුවාල ලැබූවා.


තම ජේෂ්ඨ නිළධාරියා වෙත ඇදුනු සොල්දාදුවෙක් ඔහුගෙන් අවසර ඉල්ලා සිටියේ පෙරදින සටන් පැවති භූමියට ගොස් වෙඩි වැදුනු තම මිතුරු සෙබලෙකුව රැගෙන ඒමටයි.

"ගියාට කමක් නෑ.


..ඒත් මම හිතන්නේ ඕක බොරුවට තමන්ගේ ජීවිතේ අනතුරේ දමා ගැනීමක් කියලා,වෙඩි වැදිලා මෙච්චර වෙලා එයා ජීවත් වෙයි කියලා හිතන්න බෑ"ජේෂ්ඨ නිළධාරියා ඔහුට අවසර දුන්නේ එසේ පවසමින්.

ජේෂ්ඨ නිළධාරියාගේ අවවාදය නොසැලකූ ඔහු යලි ත්‍රස්තවාදී භූමියට ඇතුල් වූ අතර හාස්කමකින් මෙන් තම වෙඩි වැදුනු සගයා සොයා ගත් ඔහු මිතුරා රැගෙන යලිත් කදවුරට ඒමට පිටත් වුනේය..ආපසු ගමනේදී ඔහු ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාර වලට මැදි වූ අතර ඔහුගේ පාදයකට වෙඩි වැදුනු නිසා ඔහු අවසානයේ මිතුරාව රැගෙන කදවුරට පැමිනියේ බොහෝ අපහසුවෙන් බඩගාමිනි.

කදවුරට පැමිනි ඔහු දෙසත් මිතුරාගේ සිරුර දෙසත් අනුකම්පාවෙන් බැලූ ජේෂ්ඨ නිළධාරියා

"මම තමුසෙට කිව්වනේ ඕක බොරු ගමනක් කියලා...යාලුවත් මැරිලා තමුසෙටත් තුවාල වෙලා" යැයි පැවසුවේය..

"නෑ සර් මගේ උත්සාහය අපතේ ගියේ නෑ" සෙබලා අපහසුවෙන් පැවසුවේය.

"අපතේ ගියේ නෑ? ඒ කියන්නේ? යාලුවා මැරිලා නේද?" ජේෂ්ඨ නිළධාරියා මදක් පුදුමයෙන් ඇසුවේය..

"ඔව් සර් මැරිලා...ඒත් මම හොයා ගන්නකොට මෙයාට පන තිබුනා...
මෙයා මාව දැක්කම කිව්වා "මචං මම දැනගෙන හිටියා උඹ මාව ගන්න එන බව..." කියලා...
මට ඒ වචන ටික ඇති සර්"

ජීවිතයේ බොහෝ අවස්ථා වල ඔබ යමක් කිරීම වටිනා හෝ නොවටිනා වන්නේ ඔබ ඒ දෙස බලන ආකාරය අනූවයි. ඔබේ හදවත ඔබට කිරීමට යැයි පවසන යමක් ඔබේ මුලු ශක්තියම යොදා ඉටු කරන්න.. එවිට පසු කලක ඔබට ජීවිතයේ පසුතැවිලි වීමට සිදු නොවේ.

අප මවුබිම රුදුරු ත්‍රස්තවාදීන් ගෙන් ගලවා ගැනීමට මෙවැනි අප්‍රමාන කැපකිරීම් සිදු කල රණවිරුවන්ට උපහාරයක් ලෙස මෙය පලකරමි.




උපුටා ගැනීම-ශ්‍රී ටීවී නෙට්වර්ක්

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...