Pages

Tuesday, 16 October 2012

Gangnam Style (강남스타일) M/V With Horizon




 මේක නම් බොහොමයක් දෙනා දන්න ගීතයක්.මෑත කාලයේ ඉතාමත් ජනප්‍රිය වුන සිංදුවක්. බොහොමයක් දෙනා මේ ගීතය ගැන දැනගත්තේ අපේ මේ ලංකාවේ පහුගිය කාලේ සිද්ද වුන ක්‍රිඩාවක ප්‍රසිද්ද ක්‍රීඩයෙක් සහ අපේ කොල්ලෙක් දාපු ඇඩ් එකක් නිසානේ. :) එහෙම කිවුවම ගොඩක් දෙනා දන්නවා ඇති. හ්ම් එහෙනම් අදත් මං ගීතය ගැන පුංචි හැදින්වීමක් කරන්නම්කෝ.

  මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ ඒ කියන්නේ 2012 වසරේ ජූලි 15වන දින. ඒ වගේම මේ ගීතය අපිට එච්චර හුරු පුරුදු භාශාවක එකක් නෙමී. එහෙම කියන්නත් බැහැ ඉතිං ගොඩක් කොරියන් ගිහින් තියෙන අය ඉන්නවනේ අපේ. ඒ අය නම් දන්නවා ඇති. මේක කොරියානු භාශාමය ගීතයක්. මේක ගායනා කරන්නේ කොරියානු පොප් ගායකයකු වන PSY විසින්. තව මේ ගීතය ගැන කියනවා නම් යූ නලය තුල වැඩිම පිරිසකගේ නැරුඹුම් ගීත අතුරෙන් දෙවනි ස්ථානය ලබාගන්නට මේ ගීතයට හැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ වෙනකොට නැරඹුම් ප්‍රමානය කිවුවොත් මිලියන 620 ඉක්මවා තියෙනවා. කොහොමද සෙල්ලන් නෑනේ. :) මේ ගීතය අපේ සංගීත කණ්ඩායම් විසින්ද ගායනා කරනවා,එයින් එකක් ද මෙහි නෙරබීමට සලසා ඇත.ඔය කිවුවා ඇති නේද ගීතය ගැනත්. වැඩිය කියන්න ඕනා නැනේ ඉතිං. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා ගීතය බලලා හොද නරක අදහසකින් පහලින් දන්වලා යන්න කියලා. ඒක තමයි ඉතිං මං බලාපොරොත්තු වෙන දේ.








Thanks-http://www.dtlakmal.com
Enhanced by Zemanta