Pages

Sunday, 11 November 2012

Sakura Range Voice Factory-අහලා බලන්න..

 
   සුභ දවසක්...මා වටා ඉන්න හැමෝටම..!ගායන හැකියාව කියන්නේ අපි සෑම දෙනාටම පිහිටන හැකියාවක් නොවෙයි.සමහරුන් මෙය  උපතින්ම රැගෙන එති.තවත් සමහරෙක් උත්සහ කොට මෙය ලබා ගනී.අතීතයේ මෙන්ම වර්තමානයේද තම හැකියාවන් පෙන්වූ ගායකගායිකාවන් රාශියක් ලොව පුරාම විසිර සිටි.මේ අතරින් ද විශේෂ හැකියාවන් ඇති අයද මට මෙන් ඔබට දකින්නට ලැබෙන්න ඇත.ඒ අතරින් වඩාත් කැපීපෙනෙන ලක්‍ෂණය වන්නේ කටහඩ අනුකරණය කිරීමට ඇති හැකියාවය.
මොවුනට බොහෝ විට හොද ගායනා හැකියාවක් පවතින අතර නමුදු ජනප්‍රිය වනුයේ වෙනයම් ජනප්‍රිය ගායකයෙක් හෝ ගායිකාවකගේ  ගීත ගායනා කිරීම හේතුවෙනි.සමහරුන් මෙය කොපි[copy] කිරීම ලෙසද හදුන්වයි.නමුත් එසේ කලත් එය ඔවුනගේ එක් හැකියාවකි.එයට අප ගරු කළ යුතුය.අප රටේ අය මෙවැනි දේවලට සහජ දක්‍ෂතාවක් දක්වන අතර එළිමහන් සංගීත සංදර්ශන වලදී මෙය වඩාත් හොදින් දක්නට ලැබේ.මෙලෙස කටහඩ අනුකරණයට ගොස් අන්දොලත්මක සිදුවීම් වලට ද සමහර ගායකයන් මුහුණ පැ අවස්ථාද අප දැක තිබේ.තවද බොහෝ දෙනෙක් කටහඩ අනුකරණය කිරීමේදී සිදු වනුයේ කාගේ හෝ එක් කටහඩක් අනුකරණය කිරීමය.එත් මේ අවස්ථාවේ ඔබට පැවසීමට යන්නේ මෙය නොවෙයි,ඔබ දන්නවා දකුණෙන් බිහි වූ සකුරා රේන්ජ් වාදක කණ්ඩායම.මේ වනවිට අජිත් මුතුකුමාරණ හැරුනුකොට අනෙක් සැම දෙනාම වාගේ නවක සමාජිකයන්ය.ඔවුන් අතරේ ඉන්නවා දක්ෂයෙක්,කටහඩවල් කිහිපයකින්ම ගීත ගායන කිරීමේ හැකියාව ඇති කෙනෙක්.ඔහු සජීවී ලෙස එලෙස ගායන කළ ගීත වැලක් මෙසේ ඔබට ලබා දෙන්න හිතුවා.එහෙනම් අහල විතරක් නෙවෙයි,බාගන්න[download] අවශ්‍යනම් බාගන්න.ඒ වගේම මමත් මේවා හොයාගෙන තනියෙන් බුක්ක්ති විදින්න කැමති නැහැ,අන්න ඒ නිසා මේ විදියට බ්ලොග් එකක් හරහා ඔයාලටත් ලබා දෙන්නේ...ඒ නිසා මේ පිළිබද අදහස් දැක්වීමක් කරන්න,කොමෙන්ට්ස් දාන්න කම්මලිනම් අඩුම තරමින්  මුහුණු පොතේ https://www.facebook.com/groups/426081714104730/ සමුහයට එක්වීම හෝ http://www.facebook.com/pages/Sri-Lankan-Music/168020826644465 පිටුවට [Like] ලයික්කුව්වක් කරන්න.ඔබට ජය...! 



Enhanced by Zemanta

No comments:

Post a Comment

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...