Pages

Thursday, 18 October 2012

මං ආසයි හිනාවෙන්න..තවමත් ජනප්‍රිය නොවූ ගීතය



  ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා.. ලගදි දවසක කොලඹ අශෝක විද්‍යාලයෙත් මෙහෙම දෙයක් වෙලා තිබුනා..ශිෂ්‍යයෙක් තම සිතතුළ මෙම පාසලේම ශිෂ්‍යාවකට ඇති වූ ප්‍රේමණීය හැගීම අකුරු  කරමින් සිටියා,මෙය ගුරුවරයෙක් පන්තියේ උගන්වමින් සිටියදී සිදුවන්නකි.මෙය ගුරුවරයාට හසුවන අතර පංතියේ හිටපු ගුරුවරයා ලියුම අයිතිකාරයත් එක්කම නතර වෙලා තිබුනේ ප්‍රින්සිපල් සර් ගාව...කොල්ලට දෙයියෝ බුදුං සිහි වෙන්න ඇති.. 

අශෝක විද්‍යාලයේ විදුහල්පතිතුමා


ඒත් විදුහල්පති තුමන් තරමක් කාර්යබහුල වෙලා හිටපු නිසා ලියුම විතරක් කාර්යාලයට බාරදීලා කොල්ලව කුදලං ආයේ පංතියට ගිහිං තියෙනවා..

ප්‍රින්සිපල් සර් නිවාඩු පාඩුවේ ලියුම අරං බලනකොට සර්ට තේරිලා තියෙනවා මේ ලියුම ගොඩක් නිර්මාණශීලීව ලියලා තියෙන බව....

ආයෙත් අර කොල්ලවම ඔෆිස් එකට කැදවලා තියෙනවා..

කොල්ලා පන බයේ ගැහි ගැහි ආවත් ආයේ පංතියට ගිහිං තියෙන්නේ හිනා වෙවී...

ප්‍රින්සිපල් කොල්ලට කියලා මේ දේවල් එකතු කරලා සිංදුවක් ලියන්න කියලා..

ලියලා දුන්නු පද ටිකට ලයාන්විත තනුව එකතු කලේ පාසලේම හිටපු බොහොම පලපුරුදු සංගීත ගුරුවයෙක් උනු රංජිත් ප්‍රේමවීර මහතායි...

ඔය නිල් පාට ඇදං ඉන්නේ රංජිත් සර් තමා


(රංජිත් ප්‍රේමවීර ගැන කෙටියෙන් සදහන් කරනවානම් ඔහු කේමදාස මාස්ටර්ගේ සෙවනෙහි හැදී වැඩුනු ගෝල පරම්පරාවේ මුල් පුරුකකි. ගීත ගනනාවක තනු නිර්මාණයන්ට දායක වූවෙකි)

ගීතය ගායනා කරන්න ලැබෙන්නේ තීක්ෂණ අනුරාධ නම් තරුණ ගායකයාටයි...

මෙයාව ඉතිං අදුරනවනේ

පද රචනය ඉතිං අපේ කොල්ලගෙ තමා...

ගීතයේ රූප රචනයත් විද්‍යාලය තුලම සිදුකොට ඇතිබවත් සදහන් කෙරුනා..

මේ ගැන ඊයේ (ඔක්තෝබර් 16) ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති ඔස්සේ පලවීමත් එක්කම ලොකු කෘතුහලයක් ඇති උනා හැමෝම අතර..

ඔන්න තියෙනවා සිංදුව...


මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..
මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එනවිට ලෙංගතුකම අරං එන්න..

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විදින්න..//
අද ඇවිදින් නුඹ යන විට.. තුටු කදුලක් තබා යන්න..//

මං ආසයි හිනාවෙන්න
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක්...
සිනා මලක් අරං එන්න..












ඔක්තෝබර් 16 ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති




Thanks-http://thariyagekeruwawa.blogspot.it

1 comment:

  1. http://www.youtube.com/watch?v=iwaZH2F3mcw&feature=plcp

    ReplyDelete

ඔබේ අදහස් උදහස් මට හයියකි..Plzz Comment..Thanks...